
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීමට මෙන්ම සාමය හා සංහිදියාව ගොඩ නැංවීමේ කටයුතු වැඩි දියුණු කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු තවදුරටත් ජනතා හිතවාදීව ඵලදායී අයුරින් සිදු කිරීම පිළිබදව අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අද (13) පැවැත්විණි.
ඒ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.
අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර පිළිබදව නිලධාරීන්ට තවදුරටත් පුළුල් අවබෝධයක් ලබා දීම මෙම වැඩමුළුවේ අරමුණ විය.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පසුගිය කාලේ අයි,එම්,එෆ්, මේ ණය ගන්න සිද්ධ වුණා. වෙන විකල්පයක් තිබුණේ නැහැ. අපිට ඒ ණය ගන්න සිද්ධ වුණා. වෙනත් රටවල් වලට ඒක ගන්න පහසු වුණේ නැහැ. එම මුදල් මුදල් අමාත්‍යංශයට සහ මහා භාණ්ඩාගාරයට ලැබුණා. ඔවුන් එම කාර්යය හරියට කළා කියලා ජනතාව අතර මතයක් තියෙනවා.
නමුත් රටේ ජනතාව දන්නේ නැහැ අධිකරණ අමාත්‍යංශය හරියට කටයුතු නොකළා නම් ඒ මුදල ගන්න තව අවුරුද්දක් විතර යන්න ඉඩ තියෙනවා.රටේ මාධ්‍යයටත් තියෙන්නේ මහ බැංකුවත් එක්ක ගිහින් කතාබහ කරන එක විතරයි. එම ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය කරන කොන්දේසි සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලූ කාරණාවලින් සියයට අනූවක් විතර කළේ අපි. ඒ කියන්නේ ඔබ තමුන්නාන්සේලා.
ඔබ සියලු දෙනාට මතක ඇති අපිට අපිට ජී.එස්.පී. ප්ලස් සහනය නැති වෙලා තිබුණ අවධිය. ඒක ගන්න අවශ්‍ය කරන කොන්දේසි වලින් සියට හැටක් විතර සම්පූර්ණ කළේ අපේ අමාත්‍යංශය. අපේ රටට මේ දේවල් දෙන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න අවශ්‍ය කරන නීති අණපනත් රාශියක් සකස් කරන්න කියලා අපිට උපදෙස් දුන්නා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන්න ඒ අනුව සිද්ධ වුණා.
වංචා දූෂණ වළක්වන්න නීති හදන්න කිව්වා ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හදන්න කිව්වා. අපි මේවාට එකඟ වුණා. දේශපාලනඥයෝ මේවාට විවිධ අර්ථකථන දෙනවා ඒක අපිට අදාල නෑ.ඒව අපි කලේ ජාත්‍යන්තරය සමග එකග වෙලා ඒ සහන ලබා ගන්න අවශ්‍ය කරන නිසයි.
ඒ වගේම අදටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරමින් රටත්,යුද්ධයට දායකත්වය දුන් රණවිරුවනුත් ආරක්ෂා කරමින් අධිකරණ අමාත්‍යංශය වගකිවයුතු කාර්යභාරයක් ඉටු කරනවා. අපේ අමාත්‍යංශයේ ලේකම්තුමිය අතිරේක ලේකම්වරු කැපවීමෙන් කටයුතු කරනවා.පසුගිය මාස 12 ක් වැනි කෙටි කාලයක් තුළ අණපණත් 35ක් අපේ අමාත්‍යංශය හදලා තියෙනවා අපේ රටේ ආර්ථිකය ඉබිගමනින් හරි ඉදිරියට යන්නේවිධායකය හා ව්‍යවස්ථාදායකය නිසා පමණක් නොවෙයි.
අධිකරණ පද්ධතිය තමයි එම කටයුතු මෙහෙය වන්නේ. අධිකරණ පද්ධතිය පිළිබඳව මේ රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවා.ඒ විශ්වාසය බිඳ වැටුණොත් රටක් ආපසු ගොඩගන්න බැහැ. ආර්ථික වශයෙන් අපත් සමඟ එකට වැටුණු ලෝකයේ රටවල් තවමත් ගොඩ ඇවිත් නැහැ. අධිකරණ අමාත්‍යාංශයේ සාර්ථක අසාර්ථක භාවය මත තමයි අනිත් අමාත්‍යංශවල සාර්ථක අසාර්ථකභාවය තීන්දු වෙන්නේ. ඒ නිසා අපි පැය අටේ සේවකයෝ නොවෙයි අපේ නිලධාරීන්ගේ සේවය පැය අටට සීමා වෙලා නැහැ. බොහොම කැපවීමෙන් වැඩ කරන නිලධාරීන් කණ්ඩායමක් අපිට ඉන්නවා ඒකෙ ප්‍රතිඵල රටට ලැබිලා තියෙන්නෙ.එහි නිසි ගෞරවය ලැබුණද නොලැබුණද කියන එක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.අපි මීටත් වඩා සංවිධානාත්මක ව වැඩ කළ යුතුයි කියන මතය තුළ මම ඉන්නවා. අපේ අන්තර් සබඳතා වල බරපතළ ගැටලු තියෙනවා. ඒවා විසඳාගත හැකි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඕන කෙනෙක්ට බැලූ බැල්මබැල්මට පේන්න තියෙන්නෙ අධිකරණ අමාත්‍යාංශය කියන්නේ මුදල් උපයන අමාත්‍යංශයක් නොවෙයි කියලා නමුත් හරියට බැලුවොත් මුදල් ගේන්නේ අධිකරණ අමාත්‍යංශය. දඩ මුදල් කියන්නේ නිෂ්පාදනවලින් ගේන ආදායමක් නොවෙයි.එම නීති අණපනත් යාවත්කාලීන කරන්නෙක් අධිකරණ අමාත්‍යංශය. රටක නීතියේ ආධිපත්‍යය තහවුරු වෙන්නේ නැති කොට ඒ මිනිස්සු පාරට බහිනවා. ජනවර්ග අතර විශ්වාසය තහවුරු නොවුණහොත් ගැටුම් ඇතිවෙනවා. ජන වාර්ගික සාමය නැතිව රටක් දියුණු කරන්න බැහැ.එම සාමය ඇති කිරීම සඳහා එකිනෙකා අතර විශ්වාසයක් ගොඩ නැගීමේ කාර්යය පැවරිලා තියෙන්නේ අධිකරණ අමාත්‍යංශයටයි. පසුගිය කාලය තුළ සංහිදියා ක්‍රියාවලිය වැනි අංශ විශාල ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා සහ , අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය මෙහිදී අදහස් පළ කළහ.