ඊජිප්තුවේ තානාපති, මජෙඩ් මුස්ලෙහ් (Maged Mosleh)මහතා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදු විය.
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ඊයේ(12) එම හමුව සිදුවුණි.
ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න ඊජිප්තු තානාපතිවරයා වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනැමූ අතර ද්විපාර්ශ්වික වැදගත් සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.
ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වූ ඊජිප්තු තානාපතිවරයා දෙරට අතර හමුදා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේය.
අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදරද මෙම අවස්ථාවට සහභාගි විය.