ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරු හමුව 21 දා | සිළුමිණ

ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරු හමුව 21 දා

‘ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ‘ සංගමය සංවිධානය කරන ලබන විවාහාපේක්ෂිත ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ගේ මවුපිය හමුව මැයි 21 වැනිදා ඉරිදා පෙරවරු 9.00 ට කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ශ්‍රවණාබාධිත තරුණ තරුණියන් හට සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමට ඔවුන්ගේ මවුපියන්ට අවස්ථාව සලසා දීම මෙම හමුවේ අරමුණ වන අතර අවශ්‍යතා ඇති මවුපියන් හෝ භාරකරුවකුට සිය දියණිය හෝ පුතණුවන් සමඟ එදින සහභාගී විය හැකිය. සහභාගී වීමට අපේක්ෂා කරන්නන් 0771575683 යන දුරකතන අංකය අමතන්න.

Comments