රජයේ ණය භාණ්ඩාගාර බිල්පත්වලින් | සිළුමිණ

රජයේ ණය භාණ්ඩාගාර බිල්පත්වලින්

භාණ්ඩාගාර බැඳුම්කරවලින් ණය ලබා ගැනීම වෙනුවට රජය භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ගැනීම වැඩි කර ඇතැයි ‍මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය.

ඒ අනුව 2022 නොවැම්බර් මාසයේදී භාණ්ඩාගාර බිල්පත් හරහා ලබා ගැනීමට යෝජිත වූ රුපියල් බිලියන 5000 ණය සීමාව රුපියල් බිලියන 6000ක් දක්වා ඉහළ නංවා ගැනීමට අනුමැතිය හිමි වූ බවද ඔහු පෙන්වා දුන්නේය. එය කිසිසේත්ම රජය ණය ලබා ගැනීමේ සීමාව වැඩි කර ගැනීමක් නොවන බවද අඩු පොලියට භාණ්ඩාගාර බිල්පත් හරහා ණය ලබා ගැනීමක් බවද ඔහු කීවේය.

එහිදී රජය ණය ලබා ගැනීමේ සීමාව වැඩි නොකළ බවත් භාණ්ඩාගාර බැඳුම්කරවලින් ණය ලබා ගැනීමේදී වැඩි පොලියක් ගෙවන්ටන සිදුවන නිසා අඩු පොලියක් ගෙවිය යුතු භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබාගැනීමට කටයුතු කළ බවද ඇමතිවරයා කීවේය.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ මාස 3, මාස 6ක් හෝ උපරිම වශයෙන් අවුරුද්දක් දක්වා වන කාලයකට බවත් භාණ්ඩාගාර බැඳුම්කර යටතේ වසරකට වැඩි කාලයක් තැන්පතු තිබෙන හෙයින් ඒ වෙනුවෙන් අධික පොලී අනුපාතයක් ණය වෙනුවෙන්ද ගෙවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

Comments