පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් බිහිවන ‘එක්සත් ජනරජ පෙරමුණ‘ නම් වූ නව පක්ෂයේ සමාරම්භක උළෙල මැයි මස 22 වැනිදා පස්වරු 3 ට මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. රටට ඔබින දිශානතිය යන තේමාව යටතේ වූ මෙම පක්ෂය ජනගත කිරීමට නියමිතව ඇත්තේ ‘ පැන්සල‘ ලකුණිනි. බිඳ වැටි ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩ ගෙන රට හැදීම අරමුණු කර ගනිමින් මෙම පක්ෂය නිර්මාණය කරගෙන ඇති බව පැවැසෙයි.