පලතුරු නිපැයුම වැඩි කරන්න ජාත්‍යන්තර ආධාර | සිළුමිණ

පලතුරු නිපැයුම වැඩි කරන්න ජාත්‍යන්තර ආධාර

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හා දකුණු-දකුණු සහයෝගිතා (SSC) වැඩසටහනේ ඒකාබද්ධතාවයෙන් ශ්‍රී ලංකාවේ පලතුරු නිෂ්පාදනය සහ අලෙවිකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

චීන රජයේ අරමුදල් හරහා ඇ‍ෙමරිකන් ඩොලර් මිලියන 1.5 ක ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මේ ව්‍යෘපාතිය හරහා මෙරට පලතුරුවල ගුණාත්මකභාවය සහ වටිනාකම වැඩිදියුණු කිරීම සිදු කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහයෝගය සහිතව ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය හරහා ආදර්ශ පලතුරු ගොවිපළවල් පිහිටුවීම, තෝරාගත් පලතුරු ප්‍රභේදවල පසු අස්වනු හැසිරවීම හා වාණිජකරණය වැඩිදියුණු කිරීම ඇතුළු ව්‍යාපෘති සිදු කෙරේ.

මේ සඳහා වන පුහුණු වැඩසටහන් කළුතර, ගම්පහ, මොණරාගල, අනුරාධපුර සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පළමුව ක්‍රියාත්මක කෙරෙන අතර මේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පලතුරු බෝග තුනක් වන කෙසෙල්, අඹ සහ අන්නාසි වැඩි දියුණුව කෙරෙහි අවධානය යොමු කර තිබේ.

විශේෂයෙන්ම පසු අස්වනු හානිය නිසා ගොවීන් මුහුණ පාන ගැටලු විසඳා ගෝලීය වෙළෙඳ පොළ කරා මෙරට පලතුරු ගෙන යාම මේ වැඩසටහනේ අරමුණ වී තිබේ.

Comments