දින 90ට අල්ලස් පැමිණිලි 802ක් | සිළුමිණ

දින 90ට අල්ලස් පැමිණිලි 802ක්

මේ වසරේ පළමු මාස 3 ඇතුළත පමණක් අල්ලස් හෝ දූෂණ පැමිණිලි 802ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම පැමිණිලි සම්බන්ධව මේ වන විටත් විශේෂ අවධානය යොමු කර අදාළ පුද්ගලයන් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද ඇතැම් පැමිණිලි අල්ලස් පනත යටතට නොගැනෙන හෙයින් වෙනත් ආයතන වෙත යොමු කළ බවද කොමිසම පෙන්වා දෙයි.

මීට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ද වැටලීම් කර ඇති බව පෙන්වා දෙන එම කොමිසම පසුගිය මාර්තු 31 වන විට කොමිසම තුළ සක්‍රියව චෝදනා ගොනු 2939ක් විමර්ශනය කෙරමින් තිබුණි.

අල්ලස් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කර ඇතැයිද මහජනතාවට තම පැමිණිලි ඒ වෙත යොමු කිරීමට හැකියාව ඇති බවද කොමිසම පවසයි. ඊට සාක්ෂි සහිතව නාමිකව හෝ නිර්නාමිකව හෝ පැමිණිලි යොමු කළ හැකිය.

Comments