ජනතාව පීඩාවට පත් වෙලා | සිළුමිණ

ජනතාව පීඩාවට පත් වෙලා

කඩාවැටුණ ආර්ථීකය ශක්තිමත් කිරීමට IMF ආධාර සම්බන්ධයෙන් රජය සතුටු වුවද එය තාවකාලික බවද ජනතාවට එය පීඩාවක් වනු ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිළුමිණට ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සජබ ජාතික සංවිධායකවරයා කියා සිටියේ IMF සමඟ එකඟතාව පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේ එසේ නොවුවහොත් එහි ඊළඟ වාරිකය නොලැබෙන බවයි. IMF එකෙන් ඉවත් වෙන්න ඕන කියලා අපි කියන්නේ නැහැ; නමුත් මෙහි දී ඇති කරගත් ඇතැම් එකඟතාවන් නිසා ජනතාව පීඩාවට පත් වන කරුණු තියනවා. ඒ ගැන සැලකිලිමත් විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Comments