මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ 2023 උපසම්පදා විනය කර්මය අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිගරු ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 19 සිට 22 දක්වා කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ. එයට සමගාමීව පැවැත්වෙන උපසම්පදා පුහුණු වැඩසටහන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභායත්ත පිළියන්දල දම්පෙ ත්‍රිපිටක ධර්ම අධ්‍යයන ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. උපසම්පදා අපේක්ෂක හිමිවරුන් ඉල්ලුම් පත් ජූනි 01 දිනට ප්‍රථම ලැබීමට සලස්වන ලෙස උපසම්පදා ලේඛකාධිකාරී හිමියෝ පවසති. වැඩි විස්තර උපාලි ස්ථවිර, සිද්ධත්ථාරාමය, ගල්තුඩේ, පානදුර. හෝ දුරකතන අංක 0717693781 මඟින් ලබා ගන්න.