සියලුම ආගම්වල ආගමික විෂය නිර්දේශ සංශෝධනයට කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක කීය.
ඒ අනුව, ප්‍රායෝගිකත්වයට ප්‍රමුඛත්වය දෙමින් ආගමික න්‍යායන් මඟින් ඉගැන්වෙන වටිනාකමකින් යුත් විනයගරුක ප්‍රායෝගික ශ්‍රී ලාංකේය දරු පරපුරක් බිහිකිරිම එහි අරමුණ බවද ඇමැතිවරයා කීය.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ නිරීක්ෂණද සමඟ ඉදිරි වසරේ සිට පාසල් ආගමික විෂය නිර්දේශයන්ද ඉගැන්වීමට සැලසුම් කර ඇතැයි ඔහු කීය. මේ කටයුතු වෙනුවෙන් දහම් පාසල් ගුරුවරුන් ද පුහුණු කිරීමට නියමිතය.
දහම් පාසල ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කළ හැකි සුදුසුම ස්ථානය බවත්, ඒ සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, දහම් පාසල් අවසන් විභාගය සමත්වූවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේදී හා රජයේ රැකියාවන්හිදී අමතර සුදුසුකමක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට ද අදාළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.