
ලෝකයේ රටවල් 195 ක් සහ එම රටවල් වල අගනුවරවල් 195 නම් නොකල ලෝක සිතයමක විනාඩි 04 කින් ඉංග්‍රිසි බසින් නිවැරදිව පෙන්වන්නට හැකි අවුරුදු හතරක් වූ පෙර පාසල් සිගිත්තෙක් නුවරඑළියෙන් වාර්තා වෙයි.
2018 මැයි මස 20 දින උපන් වයස අවුරුදු හතරක් වූ නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප්‍රදේශයේ වතුයායේ පදිංචි කුමාරවේල් කලානේෂන් සෙල්වරාජ් ලලිදාම්බිගෙයි යුවලට දාව කාලානේෂන් යන පිරිමි දරුවා වයස අවුරුදු දෙක සිටම සිතියම් වල ලෝකේ තියෙන රටවල් හඳුනා ගැනීමට ඇති හැකියාව ප්‍රගුණ කළ බවත් , මේ වන විට ආසියානු වාර්තාවක් සඳහා පුහුණු කළ බවත් ආසියානු වාර්තාවක් පිහිටීමෙන් අනතුරුව ගිනස් ලෝක වාර්තාවකට අයදුම් කිරීමට අපේක්ෂාවෙන් දරුවාව පුහුණු කරන බවත් දෙමාපියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දරුවාගේ දක්ෂතා සජීවීව නැරඹීමටද අවස්ථාව සලසා දෙමිනි.
වැඩිදුර අදහස් දැක්වූ දෙමව්පියන් කියා සිටියේ වතු කම්කරු පවුල්වලින් සමන්විත තම ගම්මානයේ මෙවන් දක්ෂතාවක් ඇති දරුවෙකු බිහිවීම දෙමාපියන් වශයෙන් තමා ආඩම්බර වන බවයි
මෙම දරුවා හැකි උපරිමයෙන්ම පුරුදු පුහුණු කරලා කන්ද උඩරට නුවරඑළිය නගරයට වගේම රටටත් ආඩම්බර එකතු කරමින් ගිනස් වාර්තාවක් ලංකාවට අරන් එන එක අරමුණ බව දෙමාපියන් පවසයි
මේ වන විට ආසියානු වාර්තාවක් සඳහා දරුවා ඉදිරිපත් කිරීමට අයදුම්පත් භාර දී ඇති අතර අදාල තරගාවලිය සඳහා ලබාදෙන කොන්දේසීන් හා නීති පිළිබඳ උපදෙස් දරුවා වෙත ලැබී ඇති බවද දෙමාපියන් කීය.