කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ CIDයට | සිළුමිණ

කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ CIDයට

පසුගියදා මැයි මස 06 වනදා කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සැකකටයුතු ලෙස සිසුවියක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී තිබේ. 
 
පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස පරීක්ෂණ පවරා ඇත.
 
සිසුවියගේ අභිරහස් මරණයට අදාළ පරීක්ෂණවලදී ඇය රැඳීසිටි ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳව ද අද අත්අඩංගුවට ගනු ලැබීය.
 
අදාළ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
 
මේ අතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මියගිය සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් බවටය. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.
 

Comments