කළුතර දැරියන් අපයෝජනය කළ උපකාරක ගුරුවරයා අත්අඩංගුවට | සිළුමිණ

කළුතර දැරියන් අපයෝජනය කළ උපකාරක ගුරුවරයා අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැර කළ බව කියන පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි
 
අදාළ සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
අදාළ සැකකරු දැරියන් ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වී අති අතර අගතියට පත් දැරියන් සොයා මේ වන විට විමර්ශන සිදු කෙරේ
 
කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.‍
 

Comments