කසල තේ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට | සිළුමිණ

කසල තේ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

 
පන්නම්පිටිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකින් හාල් මෝලක ගබඩා කර තිබූ කසල තේ කිලෝ 7051 සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි
 
දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් ඊයේ (10) සිදු කළ විශේෂ වැටලීමක දී මෙම කසල තේ තොගය සොයා ගෙන ඇත
 
හැටන් ප්‍රදේශයේ සිට මෙම කසල තේ තොගය පන්නම්පිටියට රැගෙනවිත් ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වි තිබෙයි
 
මෙම සිද්ධියට අදාළව වයස අවුරුදු 32 ක් වූ වටදෙණිය වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත
 

Comments