
ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු පළාත් ලේකම්වරුන්ට ඊයේ (09) ලිඛිතව දැනුම් දුන්නේය.
අවශ්‍යතාව අනුව ඩෙංගු මර්දන වැඩසටහන සඳහා, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත.
රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරු ඊයේ තහවුරු කළහ.
ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසුදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්‍රාමීයව සියලු නිවාස සහ වෙළෙඳසල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කිරීම්, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, ධූමායනය, ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්‍ර පිරිසුදුව පවත්වාගෙන යෑමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද පළාත් ප්‍රධාන ලේකම්වරු පෙන්වා දුන්හ.
මේ අතර සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනතාවගේද සහාය උපරිමයෙන් අවශ්‍ය බවයි.