
දීප ව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙයි
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි
ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් මෙන්ම විදේශිකයන්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි
මේ වට විට ජාතික රක්ෂණ භාර අරමුදල මගින් සේවකයන් සහ විශ්‍රාමිකයින් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණ (අග්‍රභාර) සලසා ඇති අතර තවත් සැලකිය යුතු පුරවැසියන් සංඛ්‍යාවක් වෙතත් සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මගින් ආවරණය ලබා ගෙන තිබෙයි