මව ප්‍රතික්ෂේප කළ කොටි පැටියා | සිළුමිණ

මව ප්‍රතික්ෂේප කළ කොටි පැටියා

තලවකැලේ තේ වත්තේ අතරමංව සිටියදි හමු වු කදුකර කොටි පැටවා තම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව  රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා පවසයි
 
තලවකැලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට පසුගියදා  අතරමංව සිටි මාසයක් පමණ වයසැති එම කොටි පැටවා හමු වි ඇති බවත්, පසුව කොටි පැටවා හමු වු ස්ථානයේම දින කිහිපයක් ආරක්ෂිතව මවට භාර දිම සදහා රදවා තිබුණද, කොටි පැටවා අසලට පැමිණි මව පටවා රැගෙන නොයැම නිසා ඉතා දුර්වල තත්ත්වයේ සිටි කොටි පැටවා තම රෝහල වෙත රැගෙන පැමිණි බවයි වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා කියා සිටියේය.
 
මෙසේ අතරමංව සිටින කොටි පැටවන් අල්ලා සුරතල් කිරිමෙන් හෝ එම කොටි පැටියාට කිරි ලබාදිමට උත්සහ කිරිමේදි කොටි පැටියාව මිනිසුන් විසින් අල්ලා ඇති බවට ඉව ඇති නිසා මව කොටි පැටියා ප්‍රතික්ෂේප කරන බවයි වෛද්‍යවරයා කියා සිටියේය.
 
කොටි පැටියා ගැහැණු සතෙකු බවත්, වතු කම්කරුවන් විසින් කොටි පැටියා අල්ලා වතු තලවකැලේ වතුයායේ වතු අධිකාරිවරයා වෙත භාර දිමෙන් පසු නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ගේද සහය ඇතිව වතු අධිකාරිවරයා එම කොටි පැටවා ආරක්ෂිතව මවට භාර දිමට අවස්තා කිහියකදිම උත්සහ කර ඇති බවද වෛද්‍ය අකලං පිණිදෙණිය මහතා පැවසිය.

Comments