කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි | සිළුමිණ

කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි

කළුතර ප්‍රදේශයේ ලැඟුම්හලක් අසළ දුම්රිය මාර්ගයේ තිබී සොයාගත් 16 හැවිරිදි තරුණියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
 
පොලීසිය සඳහන් කළේ, අද(09) අලුයම ඔහු අත්අඩංගුවට ගත් බවයි.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. 
 
ඔහු ගාල්ල, පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු බවත් අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන සිටින අයෙකු බවත් වාර්තාවේ. 
 
මැයි 06 වැනිදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුවී තිබු අතර එම හෝටලයට පැමිණ තිබු අනෙක් යුවළ පොලිස් අත්අඩංගුවට පත්විය.
 
ඔවුන් කළුතර නාගොඩ පදිංචිකරුවන් වන අතර ඊයේ දිනයේදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
 
ඔවුන් තිදෙනාම කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Comments