විදුහල්පති සේවයේ තරග විභාගය ගැන නිවේදනයක් | සිළුමිණ

විදුහල්පති සේවයේ තරග විභාගය ගැන නිවේදනයක්

විදුහල්පති සේවයේ තරග විභාගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 වන දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට තීරණය කළ බව එම නිවේදනයේ දැක්වේ.
 
ඒ අනුව එම අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ මැයි මස 22 වැනිදා සිට ජූනි 01වැනිදා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.
 
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

Comments