මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක් | සිළුමිණ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක්

වසර පහක් යන තෙක් ආදයම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කරයි.
 
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා කියා සිටියේ මේ වනකොට වාහන 83 ලක්ෂයක් ලියාපදිංචි වී ඇති බවයි.
 
මේ වන විට QR සදහා ලියාපදිංචි වී ඇත්තේ ද ලක්ෂ 60ක් පමණක් බවත් වසර 5 ආදයම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා පැවසීය.
 
“මේ විදියට වසර 5ක් වාහන ආදයම් බලපත්‍ර නොගත් වාහන අසාදුගත කරන්න තීරණය කළා. එම වාහන අපගේ සිස්ටම් එකෙන් ඉවත් කරනවා. එම තොරතුරු තියෙන්නේ පළාත් සභාවල ඒ නිසා අපි පළාත් සභාවලින් එම තොරතුරු ඉල්ලුවා.
 
ලක්ෂ 83 න් 60 QR සදහා ලියාපදිංචි වුනා කියන්නේ සමහරවිට අනිත් වාහන පාරේ දුවන්නේ නැහැ. අපි ජනතාවට කියනවා අධික ලෙස දුම පිටකරන වාහනවල ඡායාරූපයක් අරගෙන අපගේ වට්සප් නම්බර් එකට එවන්න කියලා.” යැයි නිශාන්ත අනුරුද්ධ මහතා පැවසීය.
 

Comments