කළුතර තරුණිය මියගිය සිදුවීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට | සිළුමිණ

කළුතර තරුණිය මියගිය සිදුවීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

කළුතර – නාගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළක පස් මහල් ගොඩනැගිල්ලක තුන් වැනි මහලින් ඇද වැටී අභිරහස් ලෙස වයස අවුරුදු 16ක තරුණික් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණිය සහ අනෙක් පිරිස ලැගුම්හලට පැමිණීමට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ රියදුරාය.
 
දැනට අත්අඩංගුවට ගැනීමට සොයන තරුණයා පලාගොස් ඇත්තේ ද මෙම මෝටර් රථයෙනි. 
 
මිය ගිය තරුණිය සමඟ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ තවත් කාන්තාවක් මෙලෙස පැමිණ තිබූ අතර, හෝටලයට පැමිණි බව කියන අනෙක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණි. 
 
16 හැවිරිදි දැරිය සමඟ සිටි තරුණයා මේ වනවිට පලාගොස් තිබෙන අතර ඔහු සොයා පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. 
 
කළුතර දකුණ ප්‍රදේශයේ ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයකට තරුණයෙකු සමඟ පැමිණි තරුණියකගේ නිරුවත් මළ සිරුර අදාල හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ තිබියදී පෙරේදා(06) සවස් කාලයේ සොයාගෙන තිබුණි.

Comments