
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වර්ෂා තත්ත්වය මැයි මස 10 වෙනිදා දක්වා අඩු වැඩි වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට පැවසීය.
බෙංගාල බොක්කේ මේ වන විට පවතින කැලඹීම ක්‍රමයෙන් අඩු පීඩන අවපාතයක් බවට පත්වී ලබන 9 සහ10 වැනිදා වන විට සුළි කුණාටුවක් බවට පත්වී දිවයිනෙන් බැහැරට ගමන් කරන බැවින් ගැඹුරු මුහුදේ ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නන් සැලකිලිමත් විය යුතු බව ද හෙතෙම පැවසීය. සුළි කුණාටු තත්ත්වය මත නිරිත දිශාවෙන් හමන සුළං හේතුවෙන් බස්නාහිර, සබරගමු, දකුණු, වයඹ හා මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් සහ දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ද අපේක්ෂා කෙරේ.