
ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම අගමැති ඉවත්වූ විට ඇමැති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
එහෙත් වත්මන් ජනාධිපතිවරයා පත්වූ පසු එම සම්ප්‍රදාය අනුව ආණ්ඩුකාරවරු ඉල්ලා අස්නොවීම නිසා ඔවුන් ඉල්ලා අස්වනතෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඒ අනුව පළාත් කිහිපයක ආණ්ඩුකාර වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී ඇත. ඒ අතර උතුර, නැඟෙනහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත් ද ඇතුළත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආණ්ඩුකාරවරු ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරු පත් කිරිම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරීමට නියමිතය.