
පසුගිය අප්‍රේල් මස සිදුකරන ලද නවතම ඩෙංගු පර්යේෂණවලට අනුව මේ වන විට ඩෙංගු ප්‍රභේද 4න් DEN - 3 නවතම ඩෙංගු ප්‍රභේදයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන හෙයින් ඩෙංගු රෝගය සම්බන්ධ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා අධ්‍යයන ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර සිළුමිණට කීය.
නව තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද දැනුවත් කර ඇති අතර, මෙම නව ප්‍රභේදය හේතුවෙන් ඉදිරි දිනවල ඩෙංගු
රෝගීන්ගේ වේගවත් පැතිරීමක් මෙන්ම දැඩි ඩෙංගු සංකූලතා ඇතිවන තත්ත්වයක් මතුවිය හැකි බව ඔහු අනතුරු අඟවයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජීවන්දර පැවැසූවේ 2017 වසරේදීද ඩෙංගු දරුණු වසංගතයක් බවට පත්වූයේ DEN - 2 ප්‍රභේදයේ පැතිරීමක් නිසාවෙන් බවත්, ඩෙංගු නව ප්‍රභේදයකට මාරුවීමෙන් ජනතාව තුළ ඊට ප්‍රතිශක්තිකරණය නොමැතිවීම හේතුවෙන් වසංගත තත්ත්වයක් දක්වා යාහැකි හෙයින් හැකි ඉක්මනින් ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අවතීර්ණ විය යුතු බවත්ය.