මගනැගුම සමාගම් 3ක් විසුරුවා හැරේ | Page 5 | සිළුමිණ

මගනැගුම සමාගම් 3ක් විසුරුවා හැරේ

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ ප්‍රතිපත්ති තීරණය අනුව මාර්ග සංවර්ධන අධිකාරියට පූර්ණ අනුබද්ධව පවත්වාගෙන යන මගනැගුම යන්ත්‍රෝපකරණ හා ඉදිකිරීම් සමාගම, මගනැගුම උපදේශන සමාගම සහ මගනැගුම ඉමල්ෂන් යන සමාගම් තුන විසුරුවා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ අදාළ ආයතනවල වත්කම් සහ වගකීම් පිළිබඳව නිශ්චිත තක්සේරුවක් සිදුකරනු ලබන අතර වර්තමානයේ සේවයේ යෙදී සිටින සේවකයන්ට ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ වන විටත් මගනැගුම ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සේවකයින් හත්සියයකට ආසන්න පිරිසක් ස්වයං විශ්‍රාම ගැන්වීමේ යෝජනාව අනුව වන්දි මුදල් ලබාගෙන ස්වේච්ඡාවෙන් සේවය අවසන් කර විශ්‍රාම ලබා තිබේ.

Comments