ප්‍රභාත්ගෙන් ලෝක වාර්තාවක් | Page 2 | සිළුමිණ

ප්‍රභාත්ගෙන් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් දඟ පන්දු යවන්නා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය පසුගිය 28 දා සමත්විය. අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී 50 වැනි කඩුල්ල ලෙසින් පෝල් ස්ටර්ලිංග්ගේ කඩුල්ල ඔහු දවා ගත්තේ තම 7 වැනි ටෙස්ට් තරගයේදීය.

ප්‍රභාත්ට පෙර එම ලෝක වාර්තාවට හිමිකම කියන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ඇල්ෆ් වැලන්ටන් වන අතර ඔහු තරග 8 කදී (1951) ‌එම දක්ෂතාව පෙන්වා තිබුණි.

ප්‍රභාත්ගේ එම දක්ෂතාවය අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නන් අතරේ තෙවැනි ස්ථානයට ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරේ පළමු ස්ථානයටද ඔහු පත්ව සිටියි. ඔස්ට්‍රේලියාවේ චාර්ලි ටර්නර් අඩුම තරග සංඛ්‍යාවකින් එනම් තරග 6 කදී කඩුලු 50 ක් දවා ගෙන තිබේ. ප්‍රභාත් ජයසූරිය කඩූලු 50 ක් දවා ගැනීමට පෙර ඩිල්රුවන් පෙරේරා තරග 11 කදී දක්වන ලද දක්ෂතාවය මීට පෙර ශ්‍රී ලංකාවේ වේගවත්ම ටෙස්ට් කඩුලු 50 ලෙසින් සටහන් විය.

Comments