ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය රිච්මන්ඩ් උරුම කෞතුකාගාරය විවෘත කිරීම මැයි 1 දා පස්වරු 1.30ට රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රිච්මන්ඩ් විද්‍යාලයේ ශ්‍රේෂ්ඨතම ආදි ශිෂ්‍ය නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් විරුදාවලිය ලද සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරගේ තොරතුරු, ඔහු පරිහරණය කළ විශේෂ භාණ්ඩ එකතුවක් විද්‍යාලයීය ඉතිහාසය දෙස් විදෙස් කීර්තියට පත් විශිෂ්ට ආදි සිසුන්ගේ තොරතුරුවලින් සමන්විත ගැලරියකින් ද මෙය සමන්විතය.