
ආණ්ඩුවේ වැඩ පිළිවෙළ අනුව රටේ ආර්ථීක අර්බුදය තවත් උග්‍ර වන බව පැහැදිලි යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිණි අමරසූරිය පවසයි. IMF සමඟ ගෙන ඇති තීන්දු තීරණ අනුව මේ රටේ ජනතාවට වන දේ ඉතා පැහැදිලි බවත් එමඟින් මෙරට ජනතාවට සහනයක් නොලැබෙන බවද ඇය පැවසුවාය.
රටේ මහජනතාවගේ කරපිටට බර පැටවීමක් මෙයින් සිදුවන බවත් විරුද්ධව පක්ෂයක් ලෙස ජනතාවගේ බලවේගයක් ගොඩනැඟීමට සැලසුම් කරමින් සිටින බවද ඇය කීවාය.