මැයි 01 වනදා සිට නුවරඑළියේ ගොඩනැගිලිවල පැනවෙන තහංචිය | සිළුමිණ

මැයි 01 වනදා සිට නුවරඑළියේ ගොඩනැගිලිවල පැනවෙන තහංචිය

මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.
 
නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට තීරණය කර ඇත.
 
අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ ස්වාභාවික සුන්දරත්වයට හානි වීම නිසා සංචාරක කර්මාන්තයට ප්‍රබල හානියක් සිදු වී ඇති බව අනාවරණය කරගෙන තිබෙයි
 
ෙමේ අනුව මෙම ප්‍රදේශයේ  සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

Comments