ඉන්ධන කෝටාව ගැන ගත්ත අලුත්ම තීරණය | Page 5 | සිළුමිණ

ඉන්ධන කෝටාව ගැන ගත්ත අලුත්ම තීරණය

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.
 
ඊයේ(24) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඛනික තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. 
 
මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වී තිබේ. 
 
පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිලිබඳ දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවද නිරීක්ෂණය වී ඇත.
 
එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසු QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. 
 

Comments