
සියඹලාණ්ඩුව ගොවිඳුපුර පොලිස් වසමට අයත් කොටබෝව ප්‍රදේශයේ උනානයාය හංදිය පසුකොට හමුවන පන්නල්ගම වැව්රක්ෂිතයට කිලෝමීටර් තුනක් පමණ ඈතින් තිබී වනඅලි පැටවෙකුගේ මළසිරුරක් පසුගිය (22) වෙනිදා හමුවී ඇත.
රක්ෂිතයේ හේන්යායක තිබී හමුවූ මෙම වනඅලි පැටවා අඩි 05 පමණ උසැති අවුරුදු 05 පමණ වයසැති අලිපැටවෙකු බව පොලීසිය පවසයි.
අලිපැටියාගේ උරහිස අසල වෙඩිවැදුණ තුවාලයක් දක්නට ඇත.
මෙම අලියාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (23) පැවැත්විය.