
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි , දිගු කාළයක් එරට ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික 52 දෙනෙකු අද (24 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙයි
තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත එම තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් එවා තිබුණි .
මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව , එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සම්බන්ධ වෙමින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබුණි .
මේ ආකාරයට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ශ්‍රී ලංකාව වෙත එවා තිබූ පස් වන කණ්ඩායම මෙයයි .
මෙම පිරිස අතර පිරිමි සේවකයින් 17 දෙනෙකු සහ ගැහැණු සේවිකාවන් 35 දෙනෙකු සිටි අතර ඔවුන් අනුරාධපුරය , ගාල්ල , කොළඹ සහ රත්නපුර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වූහ .