රාමසාන් සමරන්න සහනදායි පරිසරයක් උදා කළා | සිළුමිණ

රාමසාන් සමරන්න සහනදායි පරිසරයක් උදා කළා

ස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත්වූ උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළ බැවින් එය සැමගේ සතුටට හා සැනසුමට හේතුවක් වනු ඇතැයි රාමසාන් දින වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දන්වා සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්වේ. උපවාස සමය සහ රාමසාන් උත්සවය වටිනා ආගමික, අාධ්‍යාත්මික හා සමාජයීය හර පද්ධතියකින් සමන්විතය. එම වටිනාකම් සුරැකෙන සේ ඉතාමත් භක්තියෙන්, අවංකව උපවාස සමයේ වත් පිළිවෙත් ඉටු කිරීමට ඉස්ලාම් බැතිමත්හු කැපවෙති. නිරාහාරව රාමසාන් උපවාස සමය ගත කිරීම පමණක් නොව සමාජයේ අනෙකුත් පුද්ගලයන් පිළිබඳ සංවේදී වෙමින් පරිත්‍යාගශීලීත්වයේ හා සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන වැදගත් අවස්ථාවක් ලෙස ද මෙය සැලකේ.

Comments