
පසුගිය උත්සව සමයේ වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් 700 කට නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. බිත්තර සම්බන්ධයෙන් නිකුත් කරන ලද උපරිම මිල නොතකා මීට පෙරද වෙළෙන්දන් මෙන්ම සුපිරි වෙළෙඳසල්වලටද
නීති මඟින් කටයුතු කළ බව පෙන්වා දුන් අධිකාරියේ වැටලීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට පැවසුවේ උත්සව සමය වෙනුවෙන් උදෑසන සිට රාත්‍රිය වන තෙක්ම වැටලීම් අංශ විශේෂ වැටලීම් සිදු කළ බවයි.