අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායම හා විදේශීය ත්‍රස්තයන් සමඟ සබඳතා පැවැත්වු බව කියන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු නැවත ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත රැගෙන යාමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ අප්‍රේල් 21 වැනි සිකුරාදා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත අවසර ලබා දුන්නේය.
ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සමාජිකයකු විසින් සිදු කරන ලද ප්‍රකාශවලට අනුව එරට රජය විසින් මෙරටට කරන ලද දැනුම් දීම මත පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියන, දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුගෙන් යළි ප්‍රශ්න කරමින් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශන සිදු කිරීමට ක්‍රියා කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
මෝසමක් ගොනු කරමින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා නැමැති සැකකරු ත්‍රස්ත ඒකකයේ දින තුනක් රඳවා විමර්ශන සිදු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ සමාජිකයා මෙම සැකකරු සමඟ සබඳතා පැවැත්වූ බවට කරුණු අනාවරණය කර ඇති අතර, සැකකරු සම්බන්ධ වූ විදේශීය දුරකතන 24ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට ද ත්‍රස්ත ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
සිරන්ජනි කුමාරි