උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගැයීම ඇරැඹේ | සිළුමිණ

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගැයීම ඇරැඹේ

සස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගැයීම් මූලික කටයුතු අප්‍රේල් 21 වන සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ වන විට පමාවී ඇති උසස් පෙළ පිළිතුරු පත් ඇගැයිම් කටයුතු ආරම්භ කිරීම සඳහා යාපනය, මඩකලපුව හා අග්නිදිග විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ වන විටත් සිය එකඟතාව පළ කිරීමෙන් මේ තීරණය ගැනීමට හැකි වූ බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් සිළුමිණට පැවැසීය.

මේ අනුව හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව, හා හින්දි යන විෂයන්ගේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කළුතර හා කුරුණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගැයීම් මධ්‍යස්ථානවලදී ආරම්භ කරන බව. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. එමෙන්ම සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ඇතුළු අනෙකුත් විෂයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගැයීම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බවත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ මේ වන විට අදාළ පාර්ශ්වයන් සමඟ විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කරමින් සිටී.

Comments