යේමනයේ තෙරපීමකින් 85ක් මරුට | සිළුමිණ

යේමනයේ තෙරපීමකින් 85ක් මරුට

යේමනයේ සානා අගනුවර සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමක් මෙම සිද්ධියට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රැස්ව සිටි පිරිස අතර සිටි පුද්ගලයෙක් අහස දෙසට තිබූ වෙඩිල්ලක් විදුලි රැහැනක වැදීමෙන් පසු ඇතිවූ පිපිරීමකින් මොවුන් මිය ගිය බවයි. 
 
එක් පුද්ගලයෙකුට ඩොලර් 10ක් බැගින් වූ ආධාර ලබා ගැනීම සඳහා සිය ගණනක් ජනතාව මේ සඳහා එක්ව ඇතැයි වාර්තාවේ.
 
මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් ද වන බව සඳහන්ය.
 
තෙරපීමෙන් තවත් පුද්ගලයින් 322කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Comments