
ඊයේ (19) දිනයේ මෑත කාලයේ වාර්තා වූ ඉහළම විදුලි ඉල්ලුම වාර්තා වූ බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි
මේ අනුව ඊයේ විදුලි උත්පාදන සඳහා ගිගා වොට් පැය 49.53 ක් අවශ්‍ය වූ බවයි ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක දක්වා තිබෙයි.
අද දිනයේදී ගිගාවොට් වොට් පැය 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බව අමාත්‍යවරයා පුරෝකථනය කරනවා.
විදුලිබල උත්පාදනය සඳහා හම්බන්තොට ඩීසල් බලාගාරයේ ජනන යන්ත්‍ර ඇතුළු සියලුම තාප බලාගාර යොදා ගන්නා බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි