
ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මත් කරල් 34 kg සොයා ගැනීමට ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට හැකි වී තිබෙයි.
හිසකෙස් වර්ණක ඇසුරුම් තුළ මේවා සූක්ෂම අයුරින් අසුරා තිබියදීයි අත්අඩංගුවට ගෙන ඇත
මෙලෙස අත්අඩංගුවට ගත් මත් පෙති හැට දහසක ප්‍රමාණය හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට විකල්පයක් ලෙස භාවිතා කරන බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙයි.
එම පුද්ගලයා මහනුවර දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි