දින 16ට සංචාරකයෝ 56,000ක් | සිළුමිණ

දින 16ට සංචාරකයෝ 56,000ක්

මෙරට සංචාරක කර්මාන්තයට යහපත් බලාපොරොත්තු එක් කරමින් දින 16ක කාලයේදී විදෙස් සංචාරකයන් 56,000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
 
ඒ අනුව පසුගිය පළමු වැනිදා සිට 16 දා තෙක් කාලපරිච්ඡේදය තුළදී විදෙස් සංචාරකයන් 56,402ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
 
2023 අප්‍රේල් 01 - අප්‍රේල් 23 කාලපරිච්ඡේදය තුළදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එය 9,554 ක් වේ. මීට අමතරව රුසියාවෙන් 8,138 ක්, එක්සත් රාජධානියෙන් 5,185ක් සහ ජර්මනියෙන් 5,056ක් ලෙස එම කාලපරිච්ඡේදය තුළදී වැඩි වශයෙන් සංචාරකයන් පැමිණි රටවල් අතර වෙයි.

Comments