රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි | සිළුමිණ

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද (17) පෙරවරුවේ යෙදී තිබුණි.
 
ඒ අනුව අද පූර්ව භාග 06.28ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි යනුවෙන් නැකැත් පත්‍රයේ සඳහන් වේ.
 
මේ අතර අලුත් අවුරුදු නිවාඩු ලබාසිටි ඇතැම් රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඊයේ (16) උදෑසන කාලයේ සිට රාත්‍රී දක්වා දුම්රිය ගමන්වාර 30කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී තිබේ.
 
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා කියා සිටියේ, ”‍ගමෙන් කොළඹට”‍ විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා වැඩසටහන ලබන 18 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි. අද සිට ලංගම බස් රථ සංඛ්‍යාව 4500 ක් ධාවනයට යොදවන බවයි ඔහු පැවසීය.

Comments