දක්ෂිණ අධිවේගයේ රථවාහන 26 ක් පමණ එක පෙළට ගැටීමෙන් ඊයේ (16) රාත්‍රී අනතුරක් සිදුව තිබේ.
අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දී දොඩන්ගොඩ හුවමාරුව අසල ( 32Km සහ 35Km අතර ප්‍රදේශයේ ) මෙම අනතුර සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය සදහන් කරයි.
වාහන 5ක එක් පොකුරක්, වාහන 3 බැගින් පොකුරු 3ක්, වාහන 2ක් වශයෙන් වාහන 16ක් එක පසුපස එක ගැටී අනතුරට ලක් වී තිබේ.
මේ අනතුරු නිසා දොඩන්ගොඩ හුවමාරුව අසල කොළඹ දෙසට අධිවේගී මාර්ගයේ වාහන තදබදයක්ද දිගු වේලාවක් පැවති බව වාර්තා විය.
සිංහල අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලාගිය අය නැවත කොළඹ පැමිණීමට උත්සාහ දරන නිසා වාහන අධික තදබදයක් පැවති අතර මෙම අනතුරු මාලාව සිදුව ඇත්තේ ඒ අතරදීය.
සිදු වූ අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නොමැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුව ඇති බව සඳහන්වේ.
වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සියල්ල සිදුවී ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 32 හා 35 අතර කොටසේදී සිදුවූ අනතුරු වැලකින් පසු වාහන විසි හයකට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදුවූ අතර ඉන් පසු ඒවායේ අනතුරු සලකුණු තැබීමට හා රක්ෂණ පරීක්ෂාවන් කිරීමට වෙනත් ස්ථාන වෙත රැගෙන යන ලදි.