2023 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ඇරඹෙයි | සිළුමිණ

2023 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ඇරඹෙයි

සිංහල හා දෙමළ පාසල්වල 2023 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට(17) ආරම්භ වේ.
 
 එය ලබන මස 26 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා අධ්‍යයන පොඳාු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට විධිවිධාන යොදා තිබේ.
 
මේ අතර විශ්ව විද්‍යාලවල දේශන හෙට සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කරයි. නමුත් උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගී නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරු සදහන් කරති.
 
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ බෞද්ධ ධර්මාචාර්ය විභාගය කඩිනමින් පැවැත්වීම කෙරෙහි බෞද්ධ කටයුතු පිලිබද දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවේ.

Comments