
ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද(15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම විශේෂ දුම්රිය සේවාව අනිද්දා දක්වා ක්‍රියාත්මකය.
අලුත් අවුරුදු සැමරීම සඳහා ජනතාවට ගම්බිම් බලායාමට විශේෂ දුම්රිය හා බස් රථ සේවා අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කෙරුණි. එම ජනතාවට යළි කොළඹ හා ප්‍රධාන නගර වෙත පැමිණීම සඳහා මෙසේ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරේ.