අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට | සිළුමිණ

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට

සිංහල දෙමල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට(16) සිදු කෙරේ. 
 
මෙවර අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ හෙට උදෑසන 9.41ටය.
 
රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම යෝග්‍ය වේ.
 
මෙවර අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 17වන සඳුදා පූර්වභාග 6.28 යෙදී තිබේ.
 
ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරි බතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යෝග්‍ය බව අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ දැක්වේ.
 
නැකතට පැළයක් සිටුවීම අප්‍රේල් 20 වැනිදා උදෑසන 6.38 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට යෝග්‍ය බව මෙවර නැකැත් සීට්ටුවේ සදහන් වේ. 

Comments