
ඉන්ධන අලෙවියේ සැලකිය යුතු වර්ධනයක් පවති. ට්විටර් පණිවුඩයක් මගින් අමත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඉකුත් දින 7 දී මෙම වර්ධනය අත්කර ගෙන ඇති බවයි.
ඉකුත් සතියේ ඉන්ධන බලපත්‍ර ක්‍රමයට සිදු වූ අලෙවිය 80% දක්වා ඉහළ ගොස් තිබේ. ඊට පෙර සතියේ එම අගය 60% ක මට්ටමකයි පැවතුණි.
මීට අමතරව මාර්ගෝපදේශ අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් 66 ක බලපත්‍ර තාවකාලිව අත්හිටුවා ඇත.
කෙසේ නමුත්, උත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
දෛනිකව බෙදා හරින ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,650 දක්වාත්, ඔටෝ ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5,500 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමත්‍යවරයාග් ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.