
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බවත්, මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.
එසේම අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවා අද දිනයේත් ධාවනයට යෙදවීම ලංකා ගමනාගමන මණ්ඩලය ද සැලසුම් කර ඇති බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.
සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි 13වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
මීට සමගාමීව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද උදෑසන සිට අතිරේක දුම්රිය ගමන් කාලසටහනට ඇතුළත් කර තිබේ.