
Slave Island ඉංග්‍රීසි බසින් කොම්පඤ්ඤ වීදිය ලෙස නැවත නම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැලේ සංගමය (SLMA) අග්‍රාමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකා මැලේ සංගමයේ සභාපති රිස්වාන් බදූර්දීන් සහ ප්‍රධාන ලේකම් ඉක්‍රාම් කට්ටිලාන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව අරලියගහ මන්දිරයේදී අද(12) හමුවිය.
කොම්පඤ්ඤ වීදිය යන නම සිංහල සහ දෙමළ භාෂා වලින් භාවිත වී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් Slave Island ලෙස හැඳින්වූ එය ඉංග්‍රීසි භාෂාවෙන්ද කොම්පඤ්ඤ වීදිය ලෙස වෙනස් කිරීමට අග්‍රාමාත්‍යවරයා ගත් පියවර අගය කළේය.
මෙහිදී මැලේ සංගමය විසින් සිදු කරනු ලබන සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළහ.
100 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා මැලේ සංගමය වෙත අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකා මැලේ සංගමයට පෙර පිහිටුවා ගත් ශ්‍රී ලංකා මැලේ ක්‍රිකට් සමාජය මේ වසරේ සිය 150 වැනි සංවත්සරය සමරන බව බදූර්දීන් මහතා මෙහිදී පැවසීය.
ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදාවේ සේවය කළ සහ කැපකිරීම් කළ මැලේ සාමාජිකයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය. මැලේ ප්‍රජාව ශ්‍රී ලාංකීය සමාජයට මුළුමනින්ම ඒකාබද්ධ වීම සියලු ජන කොටස්වලට වටිනා ආදර්ශයක් සපයා ඇති බවද පැවසීය.
තවද සියලුම ප්‍රජාවන්හි අඩු ආදායම්ලාභී පවුල්වල උදෙසා සමාජ සේවා සිදු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මැලේ සංගමය වෙත ස්තූතිය පුද කළේය.