
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ (Institute of Supply and Materials Management- ISMM) සමඟ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
එහිදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම හා සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණ ආයතනයේ සභාපති ජයන්ත ගාල්ලහේවා යන මහත්වරුන් විසින් අත්සන් කරන ලද එම අවබෝධතා ගිවිසුම මඟින් කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධ සැපයුම් දාම කළමණාකරණය කිරීම සඳහා මූලික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට සැලසුම් කොට තිබේ. එමෙන්ම කර්මාන්තශාලා තුල සැපයුම් ජාල ක්‍රියාවලිය කාර්යක්ෂම හා ශක්තිමත් කිරීමට මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නැංවීම තුලින් හැකියාව ලැබෙනු ඇත.
වසර 50 ක දීර්ඝ ඉතිහාසයක් ඇති සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණ ආයතනය, සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණය පිළීබඳව වෘත්තිකයන් බිහිකරන ප්‍රමුඛතම ආයතනය වන අතර කර්මාන්ත සදහා පහසුකම් සපයන ප්‍රමුඛ රාජ්‍ය ආයතනය වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සමග එක්ව පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ කර්මාන්ත සඳහා සැපයුම් දාම කළමණාකරණය පිළිබඳ වැඩසටහන් රැසක් මේ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබෙයි.
මෙහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ,
ස්වාධීන වෘත්තිකයන් හා ව්‍යවසායකයින් අවශ්‍ය වන මෙවන් කාලයක සැපයුම්දාම කළමණාකරණය පිළිබඳ වෘත්තිකයන් බිහිකිරීම පිළිබඳව සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණ ආයතනයට ස්තූතිය පිරිනමන බවත් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉලක්කගත අරමුණු කර ලඟා වීමට නම් සැපයුම් දාම කළමණාකරණය කිරීම අත්‍යාවශ්‍ය වන බවයි.
එමෙන්ම ඉදිරියේදී ආනයන ආදේශන හා අපනයන නිෂ්පාදන කර්මාන්ත දියුණුකිරීම අත්‍යාවශ්‍ය බවත් විශේෂයෙන්ම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉදිරියට ගෙන ඒමට නම් එම කර්මාන්ත වල සැපයුම් දාම කළමණාකරණය නිවැරදිව හා කාර්යක්ෂමව සිදු කිරීම වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ISMM සභාපතිවරයා , සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 24 වැනි දින"ජාතික සැපයුම් දාම දිනය " ලෙස පසුගිය වසරේ සිට නම් කිරීමට මූලිකත්වය ගැනීම පිළිබඳව අමාත්‍යවරයාට ස්තුතිය පුදකළ අතර පසුගියදා පැවැත්වූ අන්තර්ජාතික සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයේ උපදේශණ සටහනක්ද (Advisory Note) අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.