මිරිගම සති පොළේ පුද්ගල ඝාතනයක් | Page 5 | සිළුමිණ

මිරිගම සති පොළේ පුද්ගල ඝාතනයක්

මීරිගම පොළ භූමියේදී ඊයේ (10) රාත්‍රී ඇති වූ ගැටුමකදී බරපතල කැපුම් තුවාල ලැබූ​ හැට හැවිරිදි එක්දරු පියකු​ ඒ ස්ථානයේදීම​ මරණයට පත්වී ඇතැයි මිරිගම පොලිසිය ප්‍රකාශ කරයි
 
මෙසේ මියගොස් ඇත්තේ මුගුරුගම්පොල නාල්ල පාරේ පදිංචිව සිටි එච් .පී. වල්ලික ප්‍රේමසිංහ නමැති​ පුද්ගලයෙකි.
 
මරණයට පත් වූ පුද්ගලයා සහ සැකකරු අතර කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් බහින්බස් වීමක් සිදු වී ඇත.
 
 ඒ අවස්ථාවේ මියගිය අය සැකකරුට පහර දීමෙන් සැකකරු ගේ පාදයක සුළු තුවාලයක් ඇති වී ඇති බවත් ඒ අවස්ථාවේ කෝපයට පත් සැකකරු තියුණු ආයුධයකින් කළ පහර දීමෙන් මරණකරු බරපතළ තුවාල ලබා එම ස්ථානයේම මරණයට පත්වී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අක්කර 20 ප්‍රදේශයේ පදිංචි​ කරුවකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු 2021 වසරේ මාර්තු දහවෙනිදා සති පොළ භූමියේ දීම පොල්ලකින් පහර දී​ ​ ඔහුගේ සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු බව ද හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
 
සහෝදරයා ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරු ඉතා මෑතක දී ඇප මත නිදහස්ව පැමිණ සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇතැයිද අනාවරණය වී ඇත.
 

Comments